ප්‍රභල අරගලකරුවෙකුට අධ්‍යක්ෂ ධුරයක්.!

රාජපක්ෂ පාලනයට එරෙහිව මෙරට ආරම්භවූ අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ඩිලාන් සේනානායක මහතා ජාතික තරුණ සේවා සභාවේ (NYSC) අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇත.

මෙම පත්වීම ඊයේ (පෙබරවාරි 5) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුපුන් විජේරත්න මහතා ද සහභාගී විය.

ඩිලාන් සේනානායක මහතාගේ මෙම පත්වීම සමාජයේ විශේෂ අවධානයට ලක්ව ඇත්තේ ඔහු 2022 වසරේ සිදු වූ “අරගලය” ලෙස හැඳින්වෙන ජන අරගලයේ සක්‍රීය සාමාජිකයෙකු වීම හේතුවෙනි.

ඩිලාන් සේනානායක මහතා අරගලයෙන් පසුව විවිධ දේශපාලන පලිගැනීම්වලට පවා ලක්වූ අතර ඔහුට පිහි ඇනුම් ප්‍රහාරක්ද එල්ල විය.

කෙසේවෙතත් අදාළ තනතුර සඳහා හිමිවන කිසිදු වරප්‍රසාදයක් ඩිලාන් සේනානායක මහතා ලබාගෙන නොමැති බව වාර්තා වේ.

ජාතික තරුණ සේවා සභාව යනු ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින ප්‍රධාන රාජ්‍ය ආයතනයකි.

මෙම පත්වීම සිදු කෙරුණේ ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ පුළුල් ක්‍රියාවලියේ කොටසක් ලෙසය. අමාත්‍යාංශයේ පැවති උත්සවයේදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් ද සිය පත්වීම් ලබා ගත්හ.

ජාතික තරුණ සේවා සභාව යනු තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම, ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම, වෘත්තීය පුහුණුව ලබාදීම සහ විවිධ සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි කාර්යයන් සිදු කරන ආයතනයකි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.