දිලිත් කියන ඉතිහාසයේ බිහිසුණුම සහ අධාර්මිකම දේශපාලනඥයා.!

පසුගිය මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැද පරාජයට පත්වී සිය පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පාර්ලිමේන්තුවට පිවිසි සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා ඉතිහාසයේ බිහිසුණු අධාර්මික මෙන්ම රාජතාන්ත්‍රික නොවන නායකයෙකු බවයි.

ජනපතිවරයා මෑතකදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහු පවසන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයාට දිලිත් ජයවීර හැර මුලු රටම බියවී ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ දිලිත් ජයවීර,

“අනුරගේ කතාවෙන් ලංකාවේ මිනිස්සු භීතියට පත්වුනා, ඒක කාටත් නෑ කියන්න බෑ. ඔහුගේ ස්වරය, ඔහුගේ කටහඬේ තිබුණු අධාර්මික ස්භාවය, ඒ තිබුණු සියළු ආංගික අභිනයන්, ඒ වචන වල තිබුනේ බියගැන්වීමයි. ඒක එහෙම්ම තමයි.

මම අනුර කුමාර දන්න නිසා මාව බයකරන්න අමාරුයි. මම සමීපව ඇසුරු කරපු කෙනෙක් නිසා. නමුත් මිනිස්සු බය උනා. ඔක්කොම බය උනා. විශේෂයෙන්ම ඔහු තර්ජනය කරනවා හැටක් දීල තියනවා හැටත් ගලවනවා කියලා.

මේක අපි ඇහුවේ නෑ ලංකාවේ හිටපු අධර්මිෂ්ඨම පාලකයා විදියට සළකන ජේ.ආර් ජයවර්ධනගෙන් වත්. ඔහු කිව්වා ගෑනියෙක් පිරිමියෙක් කරන්න සහ පිරිමියෙක් ගෑණියෙක් කරන්න විතරයි ඔහුට බැරි කියලා. ඒ ප්‍රකාශය කරද්දිත් ඔහු රාජතාන්ත්‍රික බව රැක ගනිමින් ඒ ප්‍රකාශය කළේ.

එදා අපි දැකපු අනුර කුමාර තව දුරටත් දේශපාලනඥයෙක්, විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයෙක් විදියට හැසිරුනා විනා මේ රටේ ජනාධිපතිවුනාම හැසිරෙන්න ඕනෙ ඒ රාජතාන්ත්‍රික බව නොමැති වීම ව්‍යංගයෙන් බියවැද්දීමක්.”

Loading

Tell me 💬
Notify of
guest
12 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.