By unusuma.lk on
(LK time)යෝජිත පුනර්ජනනීය විදුලි ව්‍යාපාති සියල්ල යළි සමාලෝචනය කර ඉක්මනින් ආරම්භ කළ හැකි සියල්ල කඩිනම් කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කරයි.
රට තුළ ක්‍රියාත්මක විදුලි මාෆියාවට සම්බන්ධ ඇතැම් පාර්ශව L.N.G (ස්වාභාවික ද්‍රව වායු) මෙරටට ගෙන ඒමට ඉඩ නොදී දැනට ක්‍රියාත්මක ද්විත්ව චක්‍රීය බලාගාර ඩීසල් මගින්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවට ලැබී තිබෙන තොරතුරු මත ඒ මාෆියාකරුවන් නොතකා කඩිනමින් L.N.G ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ ඉංජිනේරුවන්ට රජයෙන් උපදෙස් ලැබී ඇත.
ජනාධිපතිවරයා ලබන මාසයේදී කිරීමට නියමිත මැදපෙරදිග සංචාරයෙන් පසු විදුලි ව්‍යාපෘති කඩිනම් කිරීමට නියමිත බවද ඉංජිනේරුවෝ සදහන් කරයි.