By unusuma.lk on
(LK time)සුනඛයෙකු ගෙල සිරකර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවක් මාන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සුරතල් බලු පැටවාගේ ගෙල කඹයකින් සිරකර අමානුෂික ලෙස ඝාතනය කර එහි ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාන්කුලම් පොලීසිය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර සත්ත්ව හිංසා වැළැක්වීමේ පනත යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මුලතිවු ඔට්ටුසුඩාන් සමථ මණ්ඩලයක් විසින් ලබාදුන් අමානුෂික තීන්දුවක් මත මෙම සුනඛයා ඝාතනය කර ඇති බව සමාජ මාධ්‍ය තුළ සඳහන්ව තිබුනි.