ආණ්ඩුවට තිත තියා දුකෙන් හඬා වැටුනු අර්චුනා.!

කිසිම අවස්ථාවක අද (23) දින සිට තමාගේ සහාය ආණ්ඩු පක්ෂයට ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

දින 36කට පසුව තමාට පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අවස්ථාව අද ලබාදුන් බවත් ආණ්ඩුව සාධාරණයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළද එවැනිනක් සිදුනොවුණ බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තුවේදී තමාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මේ බව සදහන් කරයි.

අනතුරුව පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය බිමල් රත්නායක සදහන් කළේ, අර්චුනා මන්ත්‍රීවරයාට කතා කිරීමට වේලාව වෙන්කර දීමා ආණ්ඩුවේ නොව විපක්ෂයේ වගකීමක් බවය.

ඒ වෙනුවෙන් තමා නිතර කථානායකවරයා පවා දැනුවත් කර ඇති බවත් මන්ත්‍රීවරයාගේ කථා කිරීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටින බවද අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සදහන් කළේ,

“එතුමාට කතා කිරීමට වෙලාව ලබා නොදීම ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක්. ඒක සිදු කරන්නේ විපක්ෂ නායකතුමා, විපක්ෂ සංවිධායක ඇතුළු විපක්ෂයේ නායකයන්. එතුමාට වෙලාව ලබාදීමේ 100%ක වගකීම තියෙන්නේ විපක්ෂ නායකවරයාට. අපට නෙමෙයි.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.