By unusuma.lk on
(LK time)බැක්ටීරියා ආසාදන සදහා භාවිත කරන එන්නත් කුප්පියක් රුපියල් 42.43ට ලබාගැනීමට හැකියාව තිබියදී හදිසි මිලදී ගැනීමක් ලෙස සාමාන්‍ය මිලට වඩා හත් ගුණයක් වැඩියෙන් Cefotaxime injection 1g Vial ඖෂධයෙන් එන්නත් කුප්පි 367,656ක් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි දහයක පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.
මෙම එන්නත් කුප්පි හදිසි මිලදී ගැනීමක් ලෙස දක්වමින් ප්‍රසම්පාදනය අරඹා තිබුණද එම සැපයුම්කරු ඖෂධය සැපයීමට වසර දෙකක කාලයක් ලබාගෙන ඇති බවත් එම වසර දෙකකට පසුව ලබාදෙන විටද ඖෂධය කල් ඉකුත් වීමට මාස තුනකට ආසන්නව තිබූ බවද විගණනයේදී අනාවරණය වෙයි.
එම සැපයුම්කරු මෙම එන්නත් කුප්පි ප්‍රමාණය අවස්ථා කීපයකදී සපයා ඇති අතර වසර අවසන් වන විටත් එන්නත් කුප්පි 4700ක් ලැබී නොතිබූ බවත් මෙම එන්නත් කුප්පි ලබාදී තිබෙන්නේ කල් ඉකුත් වන දිනයට මාසයක් පසු දිනයක් සදහන් ලේබලයක් අලවමින් බව විගණනයේදී අනාවරණය වෙයි.
එම ගනුදෙනුවෙන් එන්නත් කුප්පි 83,000ක් මිලදී ගැනීමට හදිසි ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් නොකර සංස්ථාවේ සභාපතිගේ අනුමැතිය යටතේ ලියාපදිංචි හා පෙර සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට තීරණය කර තිබු බවත් එම ගනුදෙනුවට අදාළ ලිපිලේඛන ලිපිගොනුවල නැති බවද විගණනයේදී අනාවරණය වෙයි.