By unusuma.lk on
(LK time)මේ වනවිට ඩුබායි රාජ්‍ය වෙත පලාගොස් සිටින ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයා සිය රාජකාරි ගිනිඅවිය සහ උණ්ඩ 30 බඩෝවිට අසංක නමැති පාතාල නායකයා මෙහෙයවන පාතාල කල්ලිය වෙත ලබාදී යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
ඉකුත් 08 වැනිදා සවස 6.30ට මෙම කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිසියෙන් ටී 56 අවියත් සමග ජීව උණ්ඩ 30ක් ලබාගෙන රාජකාරි සඳහා යනබව කියමින් පොලිසියෙන් පිටවී ඇති අතර පසුව මොහු සිය යතුරුපැදියද ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ අතහැර දමා ගිනිඅවිය සහ උණ්ඩ තොගය කිසියම් පුද්ගලයකුට ලබාදී කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් ඇති බව විමර්ශනවලින් හෙළි විය.
පසුව එදින රාත්‍රී 10.30ට පමණ ඔහු කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි රාජ්‍ය වෙත පලාගොස් ඇති බව අනාවරණය විය.
ඊයේ (11) එම ටී 56 අවිය රැගෙන යෑමට ආධාර අනුබලදුන් බව කියන ගල්කිස්ස පොලිසියේ තවත් කොස්තාපල්වරයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී වැදගත් තොරතුරු රැසක් හෙළිවී ඇති බව වාර්තා වේ.
එලෙස අත්අඩංගුවට පත් කොස්තාපල්වරයා ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු බඩෝවිට අසංකගේ පාතාල කල්ලිය සමග සබඳතා පැවැත්වූවා දැයි සෙවීමට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පොලීසිය පවසන්නේ රටින් පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ බැංකු වාර්තා සහ වත්කම් සම්බන්ධයෙන් සහ ඔහු ඇසුරු කළ පොලිස් නිලධාරීන් සහ පිටස්තර පුද්ගලයන් පිළිබඳවද සෙවීමට විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.
මේ අතර ඩුබායි රාජ්‍යයට පලාගිය කොස්තාපල්වරයාගේ මව සහ පියා අත්අඩංගුවට ගත් අතර ඔවුන් දින 02ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණ අවසරයක්ද ලබාගෙන තිබේ.
මේ වනවිට සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේද සහාය ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිස් මූලස්ථානය පවසයි.