By unusuma.lk on
(LK time)ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදීය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කිරීමකටද ලක් කෙරුනි.
ඒ අනුව මෙම රන් පැහැ ගැන්වූ ගිනි අවියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ සෘජු සම්බන්ධයක් ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය කරගෙන තිබූ අතර පසුව ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබීය.
සැකකාර හිටපු අමාත්‍යවරයා මීට මාස හයකට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය තම හිතවතියක වූ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවගේ නිවසට මෙය යවා ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන තිබුණි.