රනිල්ගේ කතුරෙන් මීයෝ අල්ලන්න වජිරගෙන් උපදෙස්.!

ඊයේ (25) කළේ ගාල්ල උලුවිටිකේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල, අක්මීමන සහ හබරාදුව ඒකා බද්ධ බල මණ්ඩලය රැස්වීම අමතමින් හිටපු අමාත්‍ය වජිර අබේවර් ධන මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුව මින් පෙර පැවසූ පරිදි වහාම හොරු අල්ලා අවසන් කළ යුතු බවයි.

ඒ සඳහා ආසියාවේ ඇති බල සම්පන්නම් පනත රනිල් වික්‍රමසිංග ප්‍රමුඛ තම ආණ්ඩුව පසුගිය සමය තුළ ගෙන ආ බවත් ඔහු පවසයි.

“අපේ රනිල් වික්‍රමසිංහ මහතා රටට වැඩදායී අණ පනත් ගෙනත් තියෙනවා. ආර්තික පරිවර්තන පනත ගෙනත් තියෙනවා, ඒකෙන් මේ රටේ වර්තමානයේ, අනාගතයේ ආර්තිකය ගැන කියනවා. දැන්නම් මේ පනත උල්ලංගනය වෙමින් යනවා. එදා මේ පනත් වලට විරුද්ධව උසාවි ගියා. ඒ වගේම පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලක් ගැන, මතිවරණ වියදම් ගැන, මහ බැංකු පනත, මේ වගේ පගත් 92 ක් ගෙනාවා. මේවා අහිත කර නම් අවලංගු කරන්න. දැන් තුනෙන් දෙකක බලයකුත් තියෙනවානෙ.

අපේ වත්තේ පොල් තියෙනවා. පොලුත් තිබුණා, රිලවුත් හිටියා, රනිලුත් හිටියා, පොල් ගෙඩිය රුපියල් 100ට තිබුණා. දැන් මේ මොහොතේ රනිල් නම් පාලකයා පොල් රුපියල් 100යි. එදා රුපියල් 100ට තියෙන කොට රනිල් මහත්තයා කිවුවා පඩිය රුපියල් 25000කින් වැඩි කරනවා කියලා, දැන් පොල් 240යි. හරි නම් මේ එන අයවැයෙන් පඩිය රුපියල් 50000ක් වැඩි කරන්න ඕන.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.