ආර්ථික විසඳුම් කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් (16) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන පොදු ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වූ විසඳුම් කඩිනම් කිරීම සහ විශේෂයෙන් විද්‍යුත් ජාතික හැඳුනුම්පත, GovPay රාජ්‍ය ගෙවීම් පද්ධතිය, ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය හා ඩිජිටල් ආර්ථික ආදායම් ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේත් ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේත් කටයුතු පුළුල් කිරීම පිළිබඳව මෙන්ම නව නීති මගින් ඩිජිටල් ආර්ථික අධිකාරිය හා සයිබර් ආරක්ෂණය පිළිබඳ ආයතන පිහිටුවීම පිළිබඳ යෝජනාද මෙහිදී සමාලෝචනය කරනු ලැබීය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments