අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ගැන අගමැතිනිය කියයි.!

අනිවාර්යයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත පාසල් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළාය.

රජය විසින් දීර්ඝකාලීන සැලැස්මක් ලෙස අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සදහා අදාළ ප්‍රතිපත්ති 2025 වර්ෂයේ සකස් කරමින් පවතින බවත් 2026 වසරේ එය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා බවද අග්‍රමාත්‍යවරිය සදහන් කළාය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළේ,

“විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පොදු සමාජය තුළ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ පිළිගැනීමක් සැකසිය යුතුයි. Clean sri lanka ව්‍යාපෘතිය තුළත් අපි බලාපොරොත්තු වෙන්නේ එම කාර්යය සිදු කරගන්න. අපේ රටේ ප්‍රතිපත්ති ඕනතරම් තියෙනවා ඒවා ක්‍රියාත්මක නොවීම තමයි ප්‍රශ්නෙ.

අපි දකින විදියට මෙතන විශේෂම දෙයක් තමයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න මුදල් වෙන් වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ වෙලාවේ 2025 වර්ෂයේ අයවැය මගින් විවිධ කාර්යයන් සඳහා නිශ්චිතවම මුදල් වෙන්කරලා තියෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අනිවාර්යෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය මාතෘකාවක් බවට පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය පුද්ගලයන් අපි ඒකට පත් කරලා තියෙනවා.

මේ මොහොතේ අපි අධ්‍යාපනය විශාල පරිවර්තනයක් සකස් කරමින් ඒකට සූදානම් වෙමින් යනවා. එතකොට ඒකට අදාළ ප්‍රතිපත්ති 2025 වර්ෂයේ සකස් කරමින් යන්නේ, 2026 තමයි අපි මේක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නේ. මේක දීර්ඝකාලීන සැලැස්මක් මේක මුළු පද්ධතියම වෙනස් කරන එකක්.

අනිවාරයෙන්ම එහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. සෑම පාසලකම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සාමාන්‍ය පරිදි අධ්‍යාපනයේ යෙදවීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේක විශාල ක්‍රියාවලියක්.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.