6 ශ්‍රේණිය දක්වා දැවැන්ත වෙනසක්.. 10 ශ්‍රේණිය ගැනත් තීරණයක්.!

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය පවසන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු හා හය ශ්‍රේණිවල විෂය නිර්දේශ පමණක් පූර්ණ වෙනසකට ලක්කරන බවයි.

නව ප්‍රතිසංස්කරණ යටතේ අනෙකුත් ශ්‍රේණිවල සැලකිය යුතු වෙනස්කම් සිදු නොවන නමුත් 10 වන ශ්‍රේණියේ විෂය පද්ධතිය අර්ධ වශයෙන් වෙනස් වන බව ද විතානපතිරණ මහත්මිය සඳහන් කළා ය.

ඇය පැවසූවේ මෙම ශ්‍රේණි තුනෙහි නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය 2026 මුල සිට පන්ති කාමරවල ක්‍රියාත්මක කරන බවයි.

ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවලට අවශ්‍ය තොරතුරු ලබා දීම, ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, මොඩියුල සකස් කිරීම, පොත්පත් සකස් කිරීම ආදී වශයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යුහුසුලුව සිදුවෙමින් ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.