අධ්‍යාපන පරිවර්තනයට රජයෙන් අලුත්ම වැඩක්.!

වත්මන් රජය විසින් අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා “අධ්‍යාපන කවුන්සිලයක්” පිහිටුවීමට සූදානම් බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.

එම “අධ්‍යාපන කවුන්සිලයක්” පිහිටුවීමේ මූලික අරමුණු දෙක වන්නේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම බවද අග්‍රාමාත්‍ය, අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළේ,

“අධ්‍යාපනය වගේ විෂයකදී වෘත්තීය වගකීමෙන් එහාට ගිහින් පුරවැසියෙක් ලෙස පුරවැසි වගකීමකින් කටයුතු කරන්නට අපට සිදු වේවි. එහෙව් අධ්‍යාපනික පරිවර්තනයක ඉතිහාසය ඔබේ අතින් තමයි ලියැවෙන්නේ.

රාජ්‍ය සේවයේ ඉහළම වැටුප් තල 10 අතරට ගුරු සහ විදුහල්පති ශ්‍රේණි රැගෙන එන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා. කවුරු කොහොම එක එක තැන්වල කතා කිවුවත් ඇත්ත ඒකයි. මම නැවතත් කියන්නේ අපි ඒ කටයුත්ත කරලා තියෙන්නේ.

මුදල් අමාත්‍යංශය වගේම මහා භාණ්ඩාගාරයත් අපට පැහැදිලි ව ඒ බව දැනුම් දීලා තිබෙනවා. වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ තවදුරටත් ඉදිරියේ දී කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා ක්‍රියාත්මකයි.

මේ පද්ධතිය තුළ අවුලක් පවතිනවා කියන එකට අපි සේරම එකඟයි. කොතනින් හරි එය නිවැරැදි විය යුතුයි. එය ක්ෂණිකව කළ හැක්කක් නොවෙයි. ක්‍රියාවලියක්. හුදු ආණ්ඩුවක් පමණක් මේකට මැදිහත් වීම ප්‍රමාණවත් නැහැ.

පද්ධතිය පරිවර්තනයකට රැගෙන යන්නට නම් අප තුළ ද පරිවර්තනයක් සිදු විය යුතුයි. පද්ධතිය කියන්නේ අපි. අපි පරිවර්තනය වුණොත් පද්ධතිය ඉබේම පරිවර්තනය වෙනවා. ඒ සදහා අධ්‍යාපන කවුන්සිලය අපි නිර්මාණය කර ගනිමු.”

ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමණාකර පීඨ ශ්‍රවණාගාරයේදී පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.