By unusuma.lk on
(LK time)ඇහැළියගොඩ පොලීසිය විසින් මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඇහැළියගොඩ පොලිස් වසමේ මෝරගල හන්දිය ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රීයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ ආඳාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර තරුණයෙකි.
ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ මාර්ගයේදී 2025 ජනවාර 17 වන දින තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිදුවීමකට අදාලව සැකපිට මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබුනි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.