මැකොගෙන් හදිසි නිවේදනයක්.!

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රන්නායක විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල වලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළදී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම සීමා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය දේපළ පාලනය භාරව සිටින අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලුම නිලධාරීන් සිය අවධානය යොමු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන ව්‍යවස්ථා සංශෝධනයේ 104 (ආ) 4 (අ) ව්‍යවස්ථා අනුව “මැතිවරණයක් පවත්වනු ලබන කාල පරිච්ඡේදය තුළදී රජයට හෝ යම් රාජ්‍ය සංස්ථාවකට හෝ අයත් යම් නිශ්චල හෝ චංචල දේපළක්” යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ තෝරාපත් කර ගැනීම ප්‍රවර්ධනය කිරීමේ හෝ වළක්වාලීමේ කාර්යය සදහා යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ විසින් භාවිතා කිරීම තහනම් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට හිමි වේ.

ඒ අනුව ව්‍යවස්ථාවේ (ආ) අනු ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් කරනු ලබන එවැනි විධානයකට අනුකූලවීම සහ ක්‍රියාත්මක කිරීම තත් කාලයේ රජය සතු දේපළ භාරව සිටින හෝ පාලනය දර සියලුම නිලධාරින් බැඳී සිටින බවත් එවැනි විධානයක් උල්ලංඝනය කිරීම අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට වසර තුනක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයකින් හෝ එකී දඬුවම් ද්විත්වයම ලබාදීමට හැකි වරදක් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025,03.03 දිනැති අංක 2426006 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් නිවේදනය හා EC/EDR/ LAE2025/05 හා 2025.03.03 දිනැති අංක 06 දරන චක්‍රලේඛය නිකුත් කොට ඇති බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

0
Would love your thoughts, please comment.x
()
x