By unusuma.lk on
(LK time)මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන අප්‍රේල් මාසය තුළ පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු ඡන්ද විමසීම පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ හැකියාව පවතින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
මැතිවරණ සම්බන්ධ සිද්ධීන් විභාග කිරීම සදහා වෙනම අධිකරණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සදහන් කරයි.