By unusuma.lk on
(LK time)අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගල්ඔය ප්‍රදේශයේ දී අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රියේ අලි රංචුවක් ගැටී සිදුවූ අනතුරෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවය.
මෙම අනතුරෙන් වන අලින් පස් දෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්ය.
මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බාධා ධාවනවීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රියපීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.