By unusuma.lk on
(LK time)ජාතික පාරිභෝගික පෙරමුණ පෙන්වාදෙන්නේ අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහළ ගොස් තිබෙන බවයි.
ඒ අනුව රුපියල් 1,400කට පැවති හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහත බැස තිබෙනවා.
රුපියල් 1,400ක මිලක් සටහන් වූ කඩල කිලෝවක මිල රුපියල් 600 දක්වා පහත බැස තිබෙනවා.
පසුගිය වසර පුරා රුපියල් 300ත් රුපියල් 800ක් තර මිළක පැවති බී ලූනු කිලෝවක් රුපියල් 200ත් 220ත් අතර මිලකට පහත බස තිබෙනවා.
රුපියල් 200ත් රුපියල් 320ත් අතර මිලක පසුගිය වසර පුරා පැවති තිරිඟු පිටි කිලෝවක මිල අද වනවිට එහි මිල දැක්වෙන්නේ රුපියල් 165ක් ලෙසයි.
එමෙන්ම පසුගිය කාලයේ රුපියල් 600ක් දක්වා ඉහළ ගිය සැමන් ටින් එකක මිල අද වනවිට රුපියල් 380ක් දක්වා පහත වැටී තිබීමත් විශේෂත්වයක්.
මේ අතර බිත්තර සහ කුකුළු මස්වල මිල ගණන්ද සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව වෙළඳුන් පවසනවා.
පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයේ දී බිත්තරයක මිල පැවතුනේ රුපියල් 60ත් 65ත් අතරයි.
නමුත් අද වනවිට බිත්තරයක් රුපියල් 27ත් 30ත් අතර මිල දක්වා පහළ බැස තිබෙනවා.
පසුගිය වර්ෂයේ මෙම කාලයේදී කුකුළු මස් මිල ගණන් පැවතුනේ කිලෝවක මිල රුපියල් 1,600ක් වශයෙන්.
නමුත් අද වනවිට කුකුළු මස් කිලෝවක් රුපියල් 900ත් – 1,000ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව උදාවී තිබෙනවා.