By unusuma.lk on
(LK time)පසුගිය 2015 වසරේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය සදහා ගිවිසුම් ගතවීමෙන් පසු එහි පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමට වැයවන මුදල මේ වනවිට දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ගුණසේන සදහන් කරයි.
වසර 10ක් ගතවන තුරුත් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට කිසිම රජයකට මෙතෙක් හැකියාව ලැබී නොමැති අතර පළමු අදියර සදහා මුල් ඇස්තමේන්තුව රුපියල් කෝටි 15800ක් ලෙස සටහන් වුවත් එය මේ වනවිට රුපියල් කෝටි 35000ක් දක්වා වැඩි වී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ගුණසේන සදහන් කරයි.
කිලෝමීටර 36කින් යුත් පළමු අදියර චීන එක්සිම් බැංකුවේ මූල්‍ය සහාය මත ක්‍රියාත්මක වීමට නියමිත අතර පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු දීර්ඝ කාලයක් ඇනහිට තිබීම හේතුවෙන් මුල් අවස්ථාවේ ඉදිකළ ඇතැම් කොටස් මේ වනවිට කඩා වැටී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
මෙම ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඉදිකිරීම් සමාගම වන්දි ඉල්ලා සිටීම සහ රුපියල අවප්‍රමාණය වී තිබීම එලෙස වියදම ඉහළ යාමට හේතුව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.