By unusuma.lk on
(LK time)හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඊ.පී.ඩී.පී.(EPDP) සංවිධානය නියෝජනය කළ වන්නි දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු වන අතර 2020 පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි බලා ගොස් ඇති හිටපු මන්ත්‍රීවරයා එහි සිට වෙනත් ගමන් බලපත්‍රයක් මගින් යුරෝපා රටකට යාමට වීසා ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුව කේරළයේ කොචි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු යුරෝපා රටකට යාමට ඉදිරිපත් කොට ඇති ගමන් බලපත්‍රයට අමතරව තවත් ගමන් බලපත්‍රයක් තිබී ඇති අතර ඔහු ලංකාවෙන් ඉන්දියාවට ගොස් ඇත්තේ එම බලපත්‍රය උපයෝගී කරගෙනය.
මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසුව තමිල්නාඩු පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
තමිල්නාඩු පොලීසිය විසින් හිටපු මන්ත්‍රීවරයාව කේරලයේ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව භූපාල් බන්ධනාගාරයේ රදවා තබන ලෙස පොලීසියට නියෝග කොට තිබේ.
හිටපු මන්ත්‍රී තිලීපන් වවුනියාව පොලීසිය විසින් ද මීට මාස දෙකකට ඉහතදී අත් අඩංගුවට ගත් අතර ඊට හේතුව වූයේ වවුනියාවේ පුද්ගලයෙකුට ඉඩමක් ලබා දීම පිණිස රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා ගෙන එය වංචා කිරීමේ සිද්ධියකි.