By unusuma.lk on
(LK time)අද (30) රාත්‍රී කොළඹ වරායේ බණ්ඩාරනායක තටාකය ලෙස හඳුන්වන ගබඩා සංකීර්ණය අසල බහලුමක් තුළ ගින්නක් ඇතිවීමෙන් එම බහලුමේ තිබූ භාණ්ඩ ගිනිගෙන දැවී විනාශයට පත්ව ඇත.
එම ගබඩාවට බහලුමකින් භාණ්ඩ බාමින් තිබියදී එම බහලුම තුළ රාත්‍රී 7.30 ට පමණ ගින්නක් හට ගෙන ඇති බවත් ඉතාමත් සුළු කාලයකදී ගින්න පුරා පැතිර ගොස් ඇත.
රාත්‍රී 10.00 පමණ වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට නොහැකි තත්වයක පත්ව තිබූ නමුත් වරාය ගිනි නිවීමේ ඒකකය ගින්න පාලනය කිරීමට සමත්ව තිබේ.
කෙසේවෙතත්, එම බහලුම තුල අන්තරාදායක ද්‍රව්‍ය ඇතුළත්ව ඇති බවට දැනුම් දී නොමැතිව බවත් ගින්න පිළිබඳව සහ ඉන් සිදුවූ හානිය පිළිබඳව වරාය අධිකාරිය විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් වාර්තා වේ.