සුළු ගංවතුර තත්ත්වයක්.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ, නිල්වලා ගඟ සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇති බවයි.

ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර සදහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරෙණාතොට යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත් වලටත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් අද පස්රුවේ මිලිමීටර 75ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.