ගැලවී ගිය ඔලුව ගසක එල්ලෙමින් තිබූනා.. අධිකරණ වෛද්‍යවරයා ශාක්ෂි දෙමින් කියයි.!

2006 වසරේ 2006 ජනවාරි 25 වැනිදා කොළඹ යුද හමුදා මූලස්ථානය ඉදිරිපිට දී එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුව ඊයේ (17) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණි. 

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් එල්ටීටීඊ බෝම්බකාරියක වන දුර්ගා නමැත්තිය කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 230ක් යටතේ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් යැයි කියන විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරන ලදී.

ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා ඝාතනය කිරීමට උත්සාහ කළ මරාගෙන මැරෙන බෝම්බකාරියගේ හිස අසල තිබූ ගසක එල්ලෙමින් තිබූ බව හා ඇයගේ දෙපා ශරීරයෙන් වෙන්ව වෙනත් තැනක තිබුණු බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කේ. සුනිල් කුමාර මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17) කියා සිටියේය.

බෝම්බකාරියගේ ශරීරයේ අනෙකුත් කොටස් වෙනත් තැනක විසිර තිබුණු බව සාක්ෂිකරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සො‍ලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් වැඩිදුරටත් පැවසීය.

එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සරත් ෆොන්සේකා මහතා බරපතළ තුවාල ලබා තිබූ අතර, ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සැරයන්වරයකු, කෝප්‍රල්වරුන් තිදෙනෙකු ඇතුළු හමුදා සෙබළුන් කීහිප දෙනෙකු මියගොස් තවත් බට පිරිසක් තුවාල ලබා තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන සෙල්වරාසා කිරුබාකරන් හෙවත් මොරිස් ශම්මුගලිංගම් සූරියකුමාර් යන අය බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිය වෙනුවෙන් නීතීඥ සුරංග බණ්ඩාර, අස්ථික දේවේන්ද්‍ර, ආනෝල්ඩ් ප්‍රියන්තන් මහත්වරුන් සමඟ නීතීඥ මඬුල්ලක් පෙනී සිටියහ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.