ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය.!

ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම උදෙසා කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රට තුළ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පසු ගිය වර්ෂයේ මහ කන්නයේදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලට අයත් අක්කර 4471ක වී වගාව සිදු කිරීමෙන් ලබාගත් අස්වැන්න වී කිලෝග්‍රෑම් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු බලකායන්ට අයත් වී ගබඩා වල ගබඩා කර ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් කේඑපිපී ප්‍රනාන්දු (විශ්‍රාමික) ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලුම වී අස්වනු ලක්වැසියන්ගේ පරිභෝජනය සඳහා රජයේ පාලන මිල ගණන් යටතේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ලබාදීම දැනට සිදු කරමින් පවතී.

මීට අමතරව අක්කර 305ක පමණ භුමි ප්‍රමාණයක බඩ ඉරිඟු වගා කර ඇති අතර එම වගාවන්ගේ අස්වනු නෙලීමද මේ වනවිට ආරම්භ කර තිබේ.

ආර්ථික භෝගයක් වශයෙන් පොල්ද අතුරු භෝග වශයෙන් පළතුරු සහ එළවළු මෙන්ම කුරක්කන්, තල ආදී ධාන්‍ය වර්ගද වගා කර වෙළඳ පොළට නිකුත් කරමින් ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වෙනුවෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටී.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

2
0
Would love your thoughts, please comment.x
()
x