දවස් 10ට 680ක් අල්ලයි.!

ආරක්ෂක අමාත්‍යාශය පවසන්නේ ත්‍රිවිධ හමුදාවෙන් පැන ගොස් සිටි හමුදා සාමාජිකයන් 680 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලීසිය හා යුද හමුදා පොලීසිය එක්ව පසුගිය පෙබරවාරි මස 22වනදා සිට අද (5) දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත්පිරිසෙන් 533ක් යුද හමුදා සමාජිකයන් වන අතර නාවික හමුදාවේ 63ක් සහ ගුවන් හමුදාවේ 81 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටියි.

පසුගිය මස 22වනදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාද පවසා සිටියේ ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට තමන් නියෝග කළ බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.