පසුගිය රජයේ කැබිනට් තීරණය අවලංගුයි.. මින් ඉදිරියට රජයේ රෝහල් නෑ.!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුවට රජයේ රෝහල් කිහිපයක් ලබාදීමට පසුගිය රජය ගත් තීරණය අහෝසි කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව පසුගිය රජය ගත් කැබිනට් තීරණය අවලංගු කළ බවත් මේ අවස්ථාවේ රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට රජය තීරණයක් ගෙන නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සදහන් කරයි.

හලාවත මූලික රෝහල, සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා ලබාදීමට පසුගිය රජය සමයේ තීරණය කර තිබුණේය.

Loading

Tell me 💬
Notify of
guest
17 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.