By unusuma.lk on
(LK time)අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව නඩු තුනක් පවරා ඇත.
නඩු අංක HCB/353/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබපැතුම් පත් 3,000ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රුපියල් 128,520ක මුදලක පාඩුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට දූෂණය නම් වරද සිදුකිරීමට නඩු පවරා ඇත.
නඩු අංක HCB/354/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුපියල් 360,000ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සදහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එකී මුදලක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීමට නඩු පවරා ඇත.
නඩු අංක HCB/3552025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුපියල් 494,000ක මුදලක හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කිරීම සදහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එකී මුදලක පාඩුවක් ආණ්ඩුවට සිදුකිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීමට අදාළ නඩු පවරා ඇත.
කොළඹ මහාධිකරණයේදී අදාළ නඩු පවරා ඇති බව එම සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.