හිටපු අගමැති දිනේෂ්ට කෝටි 63ක්.!

හිටපු අගමැතිවරයාගේ වැය ශීර්ෂය සහ වර්තමාන අගමැතිනියගේ වැය ශීර්ෂය හා සංසන්දනය කරන විට රුපියල් මිලියන 630 සිට 350 දක්වා 44%කින් අඩුකර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සදහන් කරයි.

වර්තමාන අගමැතිනියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය 47 සිට 10 දක්වා අඩු කළ බවත් ඒ හේතුවෙන් වැටුප් හා දීමනා වියදම්වලින් මිලියන 22ක් ඉතිරි කිරීමට හැකිවූ බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සදහන් කරයි.

වර්තමාන අගමැතිනියගේ හා කාර්ය මණ්ඩලයේ මාසික ඉන්ධන වියදම මිලියන 3.24 සිට මිලියන 0.33 දක්වා (ලක්ෂ 3.3) අඩු කිරීමට හැකි වූ බවත් වෙඩි නොවදින රථය ආපසු භාරදීමෙන් එහි රක්ෂණයට වෙන් කළ රුපියල් මිලියන 37.61 ක්, නඩත්තුවට වෙන් කළ රුපියල් 16.15ක් ලෙස මිලියන 53.76ක් ඉතිරි කිරීමට හැකිවූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

2025 අයවැය විවාදයේ ජනාධිපති හා අගමැති වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක් වෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.