By unusuma.lk on
(LK time)අද (3) දිවයින පුරා ප්‍රධාන ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බව වාර්තාවේ.
අද දිනයේ ලැබී ඇති ඇනවුම් සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග දිවයින පුරා බෙදා හැරි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ කරුණා මහතා පැවසීය.
කෙසේවෙතත් මෙම ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් පිරිසක් අද (3) සිය ගැටළු ඇතුළත් සංදේශයක්ද සමඟින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබුනි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සාමාජිකයන් පවසා සිටියේ ජනාධිපතිවරයා සම්බන්ධව දැඩි විශ්වාසයක් පවතින බැවින් එතුමා සමග සාකච්ඡා කර යම් කිසි සහනයක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් පැමිණි බවයි.
එමෙන්ම තම සංගමය මස් රාත්තලම ඉල්ලන්නේ නැති බවත් සාකච්ඡා කර යම් මධ්‍යස්ථ තැනකට පැමිණිය හැකි බවත් ඔවුන් පැවසූහ.
කෙසේ වෙතත් එහිදී අදාළ පිරිසට හමුවිය හැකි වූයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක් පමණයි.