ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් කපා හැරි අයථා ලාභය ජනතාව අතට.!

මෙරට ඉන්ධන බෙදුම්කරුවන් විසින් අයථා ලෙස ලබා ගන්නා 3%ක වට්ටම් මුදල අහෝසි කර ඒ වෙනුවට වෙනත් සමීකරණයක් ඉදිරිපත් කිරීමට පසුගිය 28දා රජය විසින් තීරණය කිරීමෙන් අනතුරුව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය විසින් ජනතාව අපහසුතාවට පත්කරමින් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත්වීමේ තීරණයකට එළඹුනි.

ආරම්භයේදී දැඩි ස්ථාවරයක් ගත් එම ක්‍රියාමාර්ගය හමුවේ ආණ්ඩුව තම ස්ථාවරය නොවෙනස්ව පවත්වා ගත් අතර පසුව එම වර්ජනය අත්හැර දැමීමට එම සංගමය අද (3) පස්වරුවේ තීරණය කරනු ලැබුවා.

මෙලෙස ඉන්ධන බෙදුම්කරුවන් විසින් ලබා ගන්නා 3%ක වට්ටම් මුදල අයුතු ලාභයක් බවත් එය නීති විරෝධී අයකර ගැනීමක් බවත් ජාතික විගණන කාර්යාලය විසින් පෙන්වා දුන් අතර එය අධිකරණය මගින්ද තහවුරු කර තිබෙනවා.

මේ හේතුවෙන් රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් බිලියන 35ට අධික ප්‍රමාණයක් බෙදුම්කරුවන් 1000කටත් වඩා අඩු සංඛ්‍යාවක් අතරේ වාර්ෂිකව බෙදී ගොස් තිබුණා.

කෙසේවෙතත් මෙම තීරණයත් සමඟ රජය විසින් වැයකළ එකී අමතර පිරිවැයේ වාසිය ජනතාව වෙත ලබාදීම කෙරෙහි රජය පාර්ශ්වයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තාවේ.

ඒ අනුව මාර්තු මස අවසාන තෙල් මිල සංශෝධනයේදී තෙල් මිල යම් ප්‍රමාණයකින් පහත හෙලීමේ සැලැස්මක් පවතින බව වාර්තාවේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.