ඉන්ධන මිල සූත්‍රය ගැන ඇමති වසන්ත කියයි.!

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඉහළ පහළ යන බවත් එනිසා මාසිකව මිල සූත්‍රය අනුව කටයුතු කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කළේ,

“ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමග තෙල් මිලේ ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. ඒ අනුව තමයි මිල සූත්‍රයට අනුව මිල වෙනස් වෙන්නේ.

අපි කැමති වුණත් අකමැති වුණත් දැන් අනුගමනය කරන්නේ මේ මිල සූත්‍රය. ඒ අනුව තමයි සංශෝධනය විය යුතු දේවල් වෙනවා ඉහළ පහළ යන ඒවා සිදුවෙනවා.

30%කින් කර්මාන්ත ශාලා සදහා විදුලි බිල අඩු කළා. ඒ හරහාත් පාරිභෝගික ජනතාවට සහන සැලසෙනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට ජනතාවට සහන සලසන්න සියලු ක්ෂේත්‍රවලින් කටයුතු කරනවා.”

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.