By unusuma.lk on
(LK time)දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත් ඇණවුම් කළ සියලු තොග කිසිදු බාධාවකින් තොරව බෙදා හරිමින් ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ඒ රාජකරුණා සදහන් කරයි.
හෙට සහ අනිද්දාට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විටත්, පිරවුම්හල් වෙත නිකුත් කර අවසන් බවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ඒ රාජකරුණා සදහන් කරයි.
ඔටෝ ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 66,188ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් 9,444ක් සංචිතවල පවතින බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සදහන් කරයි.
තවද ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 87,180ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,767ක් සංචිතවල පවතින බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සදහන් කරයි.