G.රාජපක්ෂ නාඳුනන ගෝඨාගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි.!

කත­ර­ගම මැණික් ගඟට යාබ­දව ඇති රජයේ රක්ෂි­ත­යට අයත් ඉඩම් කොට­සක නීති විරෝධී ලෙස ඉදි­කර ඇති කාමර 12ක පමණ වූ ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කරනු ලබන විම­ර්ශ­න­යට අදා­ළව ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් පසු­ගිය 17 වෙනි­දා ප්‍රශ්න කර ඇත.

එහිදී එම ගොඩනැගිල්ල සඳහා ජී. රාජ­පක්ෂ නමින් ලැබෙන විදුලි බිල සම්බ­න්ධ­යෙන් තමා කිසි­වක් නොදන්නා බවත් එම ගොඩ­නැ­ඟි­ල්ලට තමාගේ කිසිදු සම්බ­න්ධ­යක් නොමැති බවත් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පවසා තිබේ.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කර ඇති විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ මෙම ඉදි­කි­රීම සිදු­කර ඇත්තේ 2010 වස­රට පෙර­ බවත් එම ඉදි­කි­රීම් හමු­දාවේ කණ්ඩා­ය­ම­කගේ ශ්‍රම දාය­ක­ත්ව­යෙන් සිදු­කර ඇති බවත් ය.

කෙසේවෙතත් එම ඉදි­කි­රී­ම්ව­ලින් පසු එම ගොඩ­නැ­ඟිල්ල බලා කියා­ගෙන සිට ඇතැයි පැව­සෙන්නේ යෝෂිත රාජ­පක්ෂ මහ­තාගේ ආර­ක්ෂා­වට යොදවා සිට ඇතැයි පැව­සෙන්නේ එම නාවික හමුදා සාමා­ජි­ක­යෙකි.

ඒ සම්බ­න්ධ­යෙන් යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඉකුත් 03 වෙනිදා ප්‍රශ්න­කර තිබූ අතර එහිදී ඔහු පවසා තිබුණේ එම ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් තමා කිසි­වක් නොදන්නා බවයි.

ඉකුත් දෙසැ­ම්බර් 27 වැනි­දා යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන් ප්‍රශ්න කිරී­මට පෙර හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා වූ මේජර් නෙවිල් වන්නි­ආ­රච්චි මහ­තා­ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රශ්න කළ අතර රජයේ රක්ෂි­ත­යක ඉදි­කර ඇති මෙම ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් යහ­පා­ලන ආණ්ඩුව සමයේ දී ද විම­ර්ශ­න­යක් ආරම්භ කළත් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා වීමෙන් අන­තු­රුව එම විම­ර්ශ­නය ඇන­හිට තිබුණි.

කෙසේවෙතත් එම ගොඩ­නැ­ඟි­ල්ලට ලබා­ගෙන ඇති විදු­ලි­යට බිල්පත් ලැබෙන්නේ ජී. රාජ­පක්ෂ නමැති අයෙ­කුගේ නමිනි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.