By unusuma.lk on
(LK time)බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දීමට සූදානම් බවයි.
අද (6) පෙරවරුවේ මහනුවරදී මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.
මහමොළකරුගේ පැටිකිරිය, රැඳී සිටි ස්ථාන, ඇසුරු කළ අය මෙන්ම ඔහු විසින් සහරාන් ඇතුළු පිරිස පුහුණු කළ ආකාරයත් තමා දන්නා බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි,
“මං වගකීමෙන් කියනවා. මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නේ නැහැ. මාධ්‍යට කියනවා… රටේ ජනාධිපතිටයි..ආරක්ෂාව භාරව සිටින අයටයි කියලා.”