By unusuma.lk on
(LK time)දින කිහිපයක් පුරා අවධානමට ලක්ව තිබූ ගල් ඔයෙහි බැම්ම නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී ඇත.
ඉන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 600ක් පමණ ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔ යයි ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදු වූ බව ගම්වාසීන් චෝදනා කරයි.
කෙසේ වෙතත් ඉවුර කැඩීයාමෙන් ජීවිත හානි කිසිවක් නොමැත.