බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසන්නේ අද (19) දිනයේ අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී වෙඩි තැබිමකින් ජීතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බවයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමති සැකකරු අද අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 09 වෙත භෞතික ඉදිරිපත් කිරීමක් සඳහා ගෙන ආවේ අධිකරණය විසින් සිදුකර තිබූ නියෝගයකට අනුව බවය.
ඒ අනුව, මොහු විශේෂ ගණයේ සැකකරුවකු ලෙස ප්‍රමාණාවත් ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිළධාරීන් හා පොළිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ අද කොළඹ අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 වෙත නඩු දෙකක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යොදවා විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර, ඊට අමතරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් මූලික විමර්ෂණයක්ද මේවන විට ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.