ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ රිවෝල්වරය අධිකරණයට ආ හැටි ගැන සැකයක්.!

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් මරණයට පත්වූ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමර රත්න නැමැත්තාට වෙඩි තැබීමට රිවොල්වරය රැගෙන විත් ඇත්තේ පොතක සඟවාගෙන බව අනාවරණය වී ඇත.

නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකළ අතර වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය අධිකරණය භූමියේ තිබිය දී සොයා ගනු ලැබීය.

ගිනි අවිය සඟවාගෙන පැමිණීමට භාවිත කළ පොත නීතිඥ උපදේශන කාමරයේ තිබී සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

කෙසේවෙතත් ඝාතකයා අධිකරණය තුලට පැමිණෙන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන මේ වනවිට මාධ්‍ය වෙත නිකුත්වී ඇති අතර ගිනි අවිය සඟවා තිබූ බව කියන විශාල පොත ඔහු අත තිබෙනා බවක් දක්නට නොලැබේ.

ඒ වෙනුවට ඔහු අත කුඩා ප්‍රමාණයේ ලිපි ගොනුවක් දක්නට ලැබෙන අතර අදාළ රිවෝල්වරය වෙනත් ක්‍රමයක් හරහා අධිකරණය තුළදී ඝාතකයා අතට ලැබී ඇතිද යන්න සැකයක් මතුව තිබේ.

කෙසේවෙතත් රිවෝල්වරය සඟවා තිබුනේ යැයි පැවසෙන පොත තුළ කොටසක් ඉවත්කර ගිනි අවිය ඒ තුළ ඉතා ශූක්ෂමව සඟවා තිබී පොලීසිය පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.