ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙක් කොටු වෙයි.!

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් එක් සැකකරුවෙකු ඝාතකයාට කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහන පහසුකම් ලබාදුන් රියදුරු බව කියන දොන් ජනක උදය කුමාර නැමැත්තෙකි.

එමෙන්ම අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියට් අනුයුක්තව සේවය කරනා පොලිස් කොස්තාපල්වරයක් බවද අනාවරණය වී ඇත.

අද (22) මෙම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මාර්තු 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම ඝාතන සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශන පිළිබඳ වාර්තාවක්ද අද දින පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 2නෙකු ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.