ගණේමුල්ල සංජීව ඝාතනයේ විමර්ශණ අලුත් පාරකට.. පොලිස් නිළධාරියෙකුත් අත්අඩංගුවට.!

ඊයේ (20) අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවිය තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරියා මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව, අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසේ.

ඔහු ගණේමුල්ල සංජීව ඝාතණය සඳහා සහයිකාව ලෙස රිවෝල්වරය සඟවාගෙන පැමිණි සැකකාරිය වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නැමති දැනට සැඟව සිටිනා කාන්තාව සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන තිබේ.

මූලික ප්‍රකාශ සටහන්කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් නිලධාරියා මේ වනවිට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.