සංජීව ඝාතකයාගේ පෙම්වතිය අත්අඩංගුවට.!

මහරගම පොලීසිය විසින් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු එම කාන්තාවද සමඟ රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බව අනාවරණය වී ඇති අතර ඒ සදහා ඇයව මීගමුව ප්‍රදේශයට රැගෙන යෑමට පුද්ගලයෙක් මහරගම ප්‍රදේශයට පැමිණ තිබේ.

මේ වනවිට ඇය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බව සඳහන්.

පොලීසිය විසින් ඇය රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයාවද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ මෙහෙයවීම මත එම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.