මූනේ බයක් ගෑවීවත් නැති අමුතු ඝාතකයා සතුව තිබී තවත් සුපිරි බඩු හමුවෙයි.!

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු විශේෂ කාර්ය බලකාය විසින් විසින් පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගත් මොහොතේ ලබාගත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත ලැබී ඇත.

ඔහු KDH වර්ගයේ වෑන් රථයකි පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මොහොතේ තනි සුදු ඇඳුමකින් සැරසී සිටිනා සැකකරු සිනහ මුසු මුහුනින් සහ ඉතාම සන්සුන්ව සිටිනා ආකාරය ඡායාරූප වලින් පෙනෙන්නට තිබේ.

මෙවැනි පුද්ගලයෙකු ආරක්ෂක අංශ භාරයට පත්වීමෙන් පසු මේ ආකරයෙන් හැසිරීම ඉතාම සුවිශේෂී වෙයි.

ඔහු සතුව තිබී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක්ද පොලිසිය සොයාගෙන තිබේ.

එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු පෙනී සිට ඇත්තේ ‘කොඩිකාර කසුන් ප්‍රභාත් නිස්සංක’ නමිනි.

වයස අවුරුදු 34ක් වූ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති පුද්ගලයෙක් වන ඝාතකයා 2015 වසරේදී යුද හමුදා සේවයෙන් පළා ගොස් ඇති අතර පොදු සමාව ලබා දුන් කාලයේදී හමුදා සේවයෙන් ඉවත්වී ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම මෑත කාලයේදී සිදුවූ වෙඩි තැබීම් සිදුවීම් 7කට මෙම පුද්ගලයා සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.