By unusuma.lk on
(LK time)අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සදහා නීතිඥවරියක් ලෙස වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය පතයි.
මෙම සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමටත්, එලෙස තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමටත් පොලීසිය කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කරයි.
අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 – 8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 – 8591735
සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ඉහත සදහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගිනි අවිය ගෙනවිත් දී ඇත්තේ නීතිඥවරියක ලෙසින් සැරසී පැමිණි කාන්තාවක විසින් වන අතර එම කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 27 හැවිරිදි දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැත්තිය බවට පොලිසිය හඳුනාගෙන ඇත.
