ගැරඬිඇල්ල අනතුරේ වගකීම ඩිපෝවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට.!

මගීන් 23 දෙනෙකුට දිවි අහිමි කරමින් හා තවත් මගීන් 60කට තුවාල සිදුකරමින් කොත්මලේ, ගැරඬිඇල්ලේ දී සිදු වූ බස්රථ අනතුරට වගකිවයුත්තේ කතරගම ඩිපෝව හා මාර්ග සංවර්ධන අධිකාරිය බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

මෙම අනතුරට ප්‍රධාන හේතුව රියදුරුගේ අවිවේකී බව සහ රියදුරුට නිමේශයකින් නින්ද යෑම බව නිගමනය කර ඇති නමුත්, අනතුරේ සම්පූර්ණ වරද රියදුරු අතෙහි පමණක් නොවන බව එමගින් අවධාරණය කර ඇත.

පසුගිය 11 වැනිදා අලුයම් කාලයේදී කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද මෝටර වාහන පරීක්ෂකවරුන් හයදෙනෙකුගෙන් යුක්ත පරීක්ෂණ කමිටුව මැයි 27 වැනිදා සිය වාර්තාව ප්‍රවාහන අමාත්‍යාංශයට බාර දී තිබුණි.

අක්‍රමවත්ව හා ප්‍රමිතියකින් තොරව බසයේ අලුත්වැඩියාවන් කිරීම අනතුරින් අලාභහානි දැඩි වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද කමිටු වාර්තාව මගින් පෙන්ව දී ඇත.

මෙම බසය කතරගම ඩිපෝව මගන් 2023 දී අලුත්වැඩියා කර තිබෙන නමුත් ඒ සඳහා පළපුරුදු කාර්මිකයන් යොදවා නොමැති අතර බසයේ බොඩියේ තහඩු කලවා සැකිල්ල අලුත්වැඩියා කිරීම සඳහා අලුත් තහඩු භාවිතා කර නොමැති බවද අනාවරණය වී තිබේ.

එහි සැකිල්ලේ කණු බොහොමයක් තට්ටුව ආසන්නයෙන්ම දිරා ගොස් තිබී ඇති අතර, මේ හේතුවෙන් සැකිල්ලේ ශක්තිය මෙන්ම බසයේ ශක්තියද හීන වී ඇති බව කමිටුව පෙන්වා දෙයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ බල සීමාවක්ව පැවති අනතුර සිදු වූ අස්ථානයේ 2022 වසරෙන් පසුව දෙපස ලෑලි වෙළඳසැලි දෙකක් සඳහා අවසර දී ඇති බවත් එම වෙළඳසැල් හිමියන් විසින් තම ව්‍යාපාරික ස්ථනවලට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා අනතුර වූ ස්ථානයේ තිබූ පස් හා පස් ගොඩැලි ඉවත් කර සමතලා කර තිබෙන බවත් පෙන්වදෙන කමිටු වාර්තාව එයද බසය පෙරැළී යෑමට තවත් එක් හේතුවක් බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments