By unusuma.lk on
(LK time)විදෙස් මාධ්‍ය පවසන්නේ ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මාස 15ක් පුරා ගාසා තීරයේ පැවති යුද්ධය අවසන් කරමින් දෙපාර්ශ්වය සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවයි.
ඒ අනුව දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාවකටද එළඹ ඇති අතර ඉකුත් 2023 වසරේ හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීමෙන් මෙම යුද්ධයේ ආරම්භය විය.
ෙහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය වැසියන් 1,200ක් පමණ මිය ගිය අතර තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා වෙත රැගෙන ගියේය.
ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර දියත් කළ අතර ගත වූ මාස 15ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000කට වැඩි පිරිසක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාස ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසුව මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වේ.
මෙහි ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටාර් රාජ්‍ය කටයුතු කරනු ඇති බව සඳහන්.