හිටපු හමුදාපති/ආරක්‍ෂක ලේකම් ජෙනරාල් වනසිංහ දිවි සැරිය නිමා කරයි.!

වසර 40කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් අගනා සේවයක් කළ ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකුද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 91වන වියේ පසුවිය.

1988 වසරේ දී මෙරට 11 වන යුද හමුදාධිපති ලෙස පත්වූ හැමිල්ටන් වනසිංහ මහතා ඉන් පෙර යුද හමුදාවේ විවිධ තනතුරු රැසක් හොබවනු ලැබීය.

1954 වසරේ දී කෙඩෙට් නිලධාරීයෙකු ලෙස එවක ලංකා හමුදාවට එක්වූ වනසිංහ මහතා, මූලික යුධ පුහුණුව හැදෑරීම සඳහා Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

ඉන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වූ ඔහු ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීයෙකු ලෙස පත් කරන ලදී. 

වනසිංංහ මහතා 1995 යුද හමුදාවෙන් විශ්‍රාම ගත් අතර, ඉන් අනතුරුව මෙරට ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්‍ෂක ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවනු ලැබීය.

ගම්පහ, මල්වාන ප්‍රදේශයේ දී උපත ලැබූ හැමිල්ටන් වනසිංහ මහතා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරීය. 

දක්‍ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු පාසල් කාලයේ ශිෂ්‍යභට බලකායේ සැරයන් මේජර් තනතුර හෙබවිය. 

විද්‍යාලයේ රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වනසිංහ මහතා පාසල් කාලය තුළදී මෙන්ම ඉන්පසුව හමුදාවේ දී බොහෝ කුසලාන දිනාගැනීමට වූවෙක්ය.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments