රන් ආලේපිත T56 ගිනි අවියක් කොළඹින් මතුවෙයි.!

පොලීසියට ලද තොරතුරක් අනුව කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇත.

කාන්තාවක් විසින් හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ තම නිවසට T56 ගිනි අවියක් රැගෙන යන බවට එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු දැක ඒ සම්බන්ධයෙන් පොලීසියට දන්වා ඇත.

මෙම කාන්තාවගේ මෝටර් රථයේ පිටුපස දොර විවෘත කර තිබියදී එහි බෑගයක් තුළ රන් ආලේපිත ගිනිඅවියක් තිබෙන බවට එම නිවාස සංකිර්ණයේ ආරක්ෂක නිලධාරියා දැක ඇත.

අනතුරුව වැල්ලවත්ත පොලීසිය එම ස්ථානයට පැමිණ නිවස පරීක්ෂා කර ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ කාන්තාව 67 වැනි වියේ පසුවන්නියක් බව පොලීසිය සඳහන් කරයි.

මෙම ගිනි අවිය සැබෑ එකක් ද නැද්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments