දේශබන්දු වෙනුවෙන් හොඳ ලංසුවක්.?

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් ප්‍රකාශක අමාත්‍යය නලින්ද ජයතිස්ස මහතාගෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රශ්න කිසිපයක් විමසා සිටියේ‍ය.

ඔවුන් කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ, මේ වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නිවසේ සැඟවී සිටින බවට පැවසෙන තොරතුරු මත පොලිසිය විසින් එම නිවස පරීක්ෂාවක් සිදු කර තිබේද, ඔහු අනිවාර්ය නිවාඩු යැවීම හෝ ඔහුගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද, එමෙන්ම පොලිස්පතිවරයා සංඝයා වහන්සේ නමක් ලෙස වෙස්වලාගෙන පන්සලක සැඟවී සිටින බවට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වී තිබේද යනුවෙනි.

ඒක ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ මාධ්‍යවේදීන් සහ පුරවැසියන් ලෙස එවැනි තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීම සඳහා සියලු දෙනාටම වගකීමක් පවතින බවයි.


“දැනට එකම දේ තියෙන්නේ දේශබන්දු වෙනුවෙන් ලංසුවක් තියල නෑ. ඔබ සෙව්වන්දි සම්බන්ධයෙන් කිව්වොත් ඔබට කියක් හරි තෑග්ගකුත් හම්බවෙනවා. නමුත් දේශබන්දු වෙනුවෙන් එහෙම එකක් තියලා නෑ. ඉතින් එවැනි තොරතුරු පොලිසියට ලබාදීම මාධ්‍ය සහ මහජනතාව වශයෙන් ඔබ සියලු දෙනාගේ වගකීමක් යුතුකමක් විදිහට මම විශ්වාස කරනවා. දන්න කියන තැන් සම්බන්ධයෙන් පොලීසිය දිවා රෑ නොබලා පරීක්ෂා කරනවා” යනුවෙනි.

Loading

2 thoughts on “දේශබන්දු වෙනුවෙන් හොඳ ලංසුවක්.?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *