By unusuma.lk on
(LK time)ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවති ජන හමුවක් අමතමින් රටට බරක්ව ඇති රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකළ අතර එහිදී ඔහු පැවසූවේ “Sorry සමහර රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න සිද්ධවෙනවා” යනුවෙනි.
එම ප්‍රකාශය තහවුරු කරමින් ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඊයේ (01) පැවසූවේ ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් තීරණය කර ඇති බවයි.
ඒ සඳහා පත්කර ඇති කමිටුව මගින් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රාජ්‍ය ආයතන 113ක් හඳුනාගෙන ඇති බව ද ලේකම්වරිය වැඩිදුරටත් පැවසීය.
වර්තමාන ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමතිවරයාට සිය හිතවතුන් අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්කර ගැනීම සඳහා එම ආයතන පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව අවධාරණය කළ ලේකම්වරිය තව සති දෙකක් ඇතුළත ඊට අදාළ වාර්තාව ජනාධිපතිතුමාට සහ ඇමතිවරයාට යොමු කරන බව පැවසීය.
කොළඹදී පැවති කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන්ගේ හමුවක් අමතමින් ඇය මේ බව පැවසීය.