By unusuma.lk on
(LK time)කෘෂිකර්ම අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ආණ්ඩුව ඊයේ (16) වගාවන්ට හානි කරන රිලවා දඩුලේනා සහ මොනරා සම්බන්ධයෙන් සිදු කළ දීප ව්‍යාප්ත සංගණනයේ යටි අරමුණු වී තිබුණේ මේ වනවිට ආණ්ඩුවට කෙතරම් ජන ප්‍රසාදයක් පවතින්නේද යන්න හදුනා ගැනීම බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙතෙක් දුරට ආණ්ඩුවේ අරමුණු සඳහා ජනතා සහභාගීත්වය ලැබේද යන්න නිරීක්ෂනය කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වී තිබී ඇති බව සඳහන්.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බලය තහවුරු කරගැනීම සඳහා ආණ්ඩු විසින් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙත්ත් මෙම සංගණනය සඳහා ආණ්ඩුව බලාපොරොත්තු වූ මට්ටමේ ජනතා සහභාගීත්වයක් ලැබී ඇති බවද වාර්තා වෙයි.