By unusuma.lk on
(LK time)පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය, මින් වසර තුනකට පෙර තමන් බලශක්ති අමාත්‍යධූරය දරන සමයේ සම්පූර්ණ කල ව්‍යාපෘතියක් බවයි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධ ගිවිසුම 2022 වසරේ දී තමා අත්සන් කළ බවත්, එම වකවානුවේදී ඊට දැඩිව බාධා කළේ ජාතික ජන බලවේගය බවත් ගම්මන්පිල මහතා පැවසීය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ආණ්ඩුවේ අළුත් ව්‍යාතියක් ලෙසින් ඉදිරිපත් කරන්නේ සිය පැරණි ව්‍යාපෘතියම බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.
ඔහු මේ බව පැවසූවේ අද (20) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
“ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි 99 ලංකාවේ තෙල් ගබඩා කිරීමේ අවශ්‍යතාවයට වඩා වැඩි බවත්, ඒ නිසා ටැංකි 24ක් පමණක් තෙල් සංස්ථාව තබාගෙන දැනට එල්අයිඕසි සමාගම භාවිත කරන ටැංකි 14 ඒ අයටම භාවිත කරන්න දීලා, ඉතිරි ටැංකි 61 ඉන්දියානු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් විදියට සංවර්ධනය කරනවා කියලා ජනාධිපතිතුමා ඊයේ කටුකුරුන්දේ දී කිව්වා.. ඕක ජනාධිපතිතුමාට අමුතුවෙන් කරන්න දෙයක් නෑ..
මීට වසර 3කට කලින් අපි ඕක කරලා ඉවරයි.. මම 2020 දී බලශක්ති ඇමති ධූරය භාර ගන්නා විට තෙල් ටැංකි 99 ම 2002 සිට ඉන්දියාවට දීලා තිබුණේ.. එයින් ටැංකි 14ක් පමණක් එල්අයිඕසි සමාගම තෙල් ගබඩා කරන්න භාවිතා කළා.. ටැංකි දෙකක් ප්‍රීමා සමාගමට ජලය ගබඩා කරන්න දීලා තිබුණා.. ඉතිරි ටැංකි 83ම 1945 සිටම ඒ කියන්නේ අවුරුදු 75ක් ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් තිබුණේ..
ඉන්දියාවත් එක්ක අවුරුද්දක් පුරා කේවල් කරලා එල්අයිඕසි සමාගම භාවිතා කරපු ටැංකි 14 ඒ අයට තවදුරටත් භාවිත කරන්න දීලා ඉතිරි ටැංකි සියල්ලම අපේ යටතට ගත්තා.. මේ ගිවිසුම අත්සන් කලේ 2022 ජනවාරි 6 දා.. 2022 දී “තෙල් ටැංකි යළි රටට” කියන මේ පොත මම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ දී දුන්නා.. නිකමට වගේ මේ පොත කියෙව්වා නම් ඔහොම බොරු විදින්න පෙළෙඹෙන්නේ නෑ..
බොරුවෙන් බලයට ආවා වගේම බොරුවෙන් බලය පවත්වා ගන්නයි මාලිමා ආණ්ඩුව උත්සාහ කරන්නේ.. 2002 දී ඉන්දියාවට දීලා වසර 75ක් තිස්සේ දිරාපත් වෙමින් තිබුණු තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ රටට අරගෙන සංවර්ධනය කරන්න කටයුතු කරන කොට මට ලොකුම බාධාව එල්ල කලේ මාලිමාව..”